රට තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති පසුබිමක ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අද නව සභාපතිවරයෙකු පත් කෙරෙනවා. මෙලෙස එම ධූරයට පත් කෙරෙන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසායි.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
මේ අතර දැනට පවතින ඉන්ධන අර්බුදය හෙට දිනය පමණ වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය විශ්වාසය පළ කරනවා.
මේ වන විට ඩීසල් නැව් දෙකක් ගොඩබාමින් ඇති අතර එහි සමස්ථ ඉන්ධන ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 65,000 ක්. තවත් ඉන්ධන නෞකාවක් ද මෙරටට පැමිණීමට නියමිතයි.
(Neth)