Sunday, February 15, 2026
Follow Us
විශ්‍රාමිකයන්ට සහන පැකේජයක්

විශ්‍රාමික හැඳුනුම්පතට ලැබෙන වට්ටම් මෙන්න


විශ්‍රාමික හැඳුනුම්පතකට හිමිකම් කියන ඕනෑම විශ්‍රාමිකයෙකුට කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය හරහා (10) සිට බලාත්මක වන පරිදි සහන පැකේජයක් හඳුන්වාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවලින් මෙම වට්ටම් සහිත ගණුදෙනු කිරීමේ හැකියාව විශ්‍රාමිකයින්ට සැලසෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

භාණ්ඩ මිලදි ගැනීමේදී බිල්පතෙහි මුළු එකතුව සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදීමත්, සෑම මාසයකම විශ්‍රාම වැටුප් සතිය තුළ තෝරා ගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමත් මේ යටතේ සිදු වේ.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිනමාහල්වලින් ටිකට්පත් මිල දී ගැනීම්වල දී සියයට 25 ක වට්ටමක් සහ කේ එෆ් සී අවන්හල්වල රුපියල් 5000ට වැඩි බිල්පත් සඳහා සියයට 10ක වට්ටමක් ද විශ්‍රාමිකයින්ට මෙහිදී ලබා දී තිබේ.

(Aruna)