Sunday, February 15, 2026
Follow Us
ලංකාවේ ආයෝජනය කරන විදේශිකයින්ට දීර්ඝ කාලීන වීසා පහසුකම්

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන් හට දීර්ඝ කාලීන වීසා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

මෙමගින් සෘජු විදේශ ආයෝජන වැඩිවීමක් සිදුවීම පමණක් නොව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට, වැඩ කිරීමට සහ ජීවත් වීමට තවත් වෘත්තිකයන් සහ විශේෂඥයින් දිරිමත් කරනු ඇති බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)