මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සහ වසරක් සඳහා තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2022 අප්‍රේල් 01 වනදා සිටි 2022 ජූනි 30 වනදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
2022 ජූලි 01 වනදා සිට 2022 සැප්තැම්බර් 30 වනදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ද තීරණය කර තිබේ.
ඊට අමතරව පහත සඳහන් පියවරයන් ද ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය,
තාවකාලික රියදුරු බලපත්‍රය සඳහා ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වාදීමට ද කටයුතු සම්පාදනය කිරීම.
දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව තාවකාලික රියදුරු බලපත්‍රයක් තැපැල් මගින් බලපත්‍රලාභියාට ලබාදීම.
යථා තත්ත්වයට පත්වීමෙන් පසුව අදාළ කාඩ්පත් මුද්‍රණය කර ඉල්ලුම්කරුවන්ගේ නිවසටම රියදුරු බලපත්‍රය ලබාදීම.
(Aruna)