Sunday, February 15, 2026
Follow Us
අමාත්‍යාංශ විෂය පථයන් ගැන ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

පසුගියදා සිදුකෙරෙනු නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව එම විෂය පථයන් ගැසට් කර ඇත.

ඒ අනුව වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය සහ අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත් කර ඇත.

මීට අමතරව ආපදා කළමනාකරණ මධස්ථානය, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

(Neth)