ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වන බවට පැතිර යන පුවත් අසත්‍ය බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 29 පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට ගෙන්වන ඉන්ධන සෑමවිටම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල පරීක්ෂාවකට ලක්කෙරෙන බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 25වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.
2021 උසස්පෙළ විභාගයේ නර්තන සහ සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට අප්‍රේල් මස 08 වනදා දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනු ඇති. ඒ සඳහා අයදුම්කරුවන් 13,758 දෙනෙකු පෙනී සිටී්මට නියමිතයි. ඛාණ්ඩ 05 ක් යටතේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල 136 ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජනතාව මේ වනවිට දැවැන්ත පීඩනයක සිටි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ජනමාධ්‍ය මගින් පෙන්වන ඇතැම් දේ ජාත්‍යන්තරය කරා යන බවත්, ඒ හරහා රටේ ප්‍රශ්නවලට ජාත්‍යන්තර මාධ්‍ය තුළද වැඩි ඉඩක් හිමිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මෙම තත්වය රටට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
දුම්රිය ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද දිනයේදී ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව ලබාගැනීම එහි අරමුණ බවයි.
Page 211 of 647