Saturday, February 14, 2026
Follow Us
IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 25වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමේ 04වන වගන්තිය යටතේ 2021 වර්ෂය සදහා ඉදිරිපත් කරනු ලැබූ එම වාර්තාව පිටු 95කින් සමන්විතයි. මෙරට ආර්ථිකය මුහුණ පා ඇති අභියෝග, ඊට හේතු වූ කරුණු සහ ආර්ථිකය යළි ගොඩනැගීම සදහා යෝජනා එම වාර්තවේ ඇතුළත් වනවා.

(Neth)