ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වන බවට පැතිර යන පුවත් අසත්‍ය බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 29 පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට ගෙන්වන ඉන්ධන සෑමවිටම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල පරීක්ෂාවකට ලක්කෙරෙන බවයි.
මේ අතර ඉන්ධන පිරවුම්හල්වල පවතින තදබධය ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇති බවයි අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)