Sunday, February 15, 2026
Follow Us
විශේෂ බද්දක් අඩු කරයි

රාමසාන් නිසා ජනතාවට සහනයක්


ඉදිරියේ දී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේ දී මුස්ලිම් ජනතාවට සහන සැළසීම සඳහා රට ඉඳිවලට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑමයට රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියලක් පමණක් අයවන ලෙස එම බද්ද රුපියල් 199කින් අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රට ඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)