Sunday, February 15, 2026
Follow Us
ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුවට වෙන්න යන දේ

කැබිනට් මණ්ඩලයේ තීරණය අද


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28 වැනිදා) තීරණයක් ගැනීමට නියමිත බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

දැනට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද,නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න කැබිනට් මණ්ඩලය අද තීරණය කරනු ඇතැයිද ඔහු කීවේය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂට දෙපාර්තමේන්තුවේ ආයතනවලට නොපැමිණෙන ලෙස අමාත්‍යාංශය විසින් පසුගියදා දැනුම්දී තිබුණි.

එය ලිඛිතව ඇයට දැනුම්දී තිබියදී, අධ්‍යක්ෂ ජනරාල්වරිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතනවලට වරින් වර ගොස් තිබූ අතර,ඉකුත් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක්ද පැවැත්වූවාය.

(Aruna)