Saturday, February 14, 2026
Follow Us
ගෑස් මිල අනිවාර්යයෙන්ම ඉහළ යනවා

“ලබන 04 වනදා 05 වනදා වන විට ගෑස් හිඟය නැතිවෙයි”


ගෑස් මිල තවදුරටත් ඉහළ යෑමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

“විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට දැන ඒ ගෑස් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනවා ලක්ෂය බැගින්. ලබන 04 වනදා 05 වනදා වන විට හිඟය නැතිවෙයි කියන එක තමයි ලිට්‍රෝ සාමගම කියලා තියෙන්නේ.”

“අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්ත්වයක් ඇතිවෙලා ජනතාවට සිදුවෙන අපහාසුතාවය අඩුවෙයි කියලා.”

මාධ්‍යවේදියෙක් – “ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල තවදුරටත් ඉහළ යනවද ?”

“තවදුටරටත් ගෑස්වල මිලත් අනිවාර්යයෙන්ම ඉහළ යෑමකට ලක් වෙයි.”

(Aruna)