Thursday, April 09, 2026
Follow Us
අදයි හෙටයි ඩීසල් ගන්න පෝලිමේ ඉන්න එපා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්


ඊයේ (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් අද (30) සහ හෙට (31) දෙදින තුළ ඩීසල් ලබාගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි.

එමෙන්ම පෙට්‍රල් පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)