අක්ෂි කාච සහ හෘද ශල්‍යකර්ම සදහා යොදාගන්නා ස්ටෙන්ට් වර්ගවල උපරිම මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.
මීට පෙර අති විශේෂ ගැසට් නිවේදන මගින් එම වෛද්‍ය උපකරණ සදහා නියම කර තිබුණු මිල ගණන් සංශෝධනය කරමිනුයි එම නව උපරිම මිල ගණන් නියම කර ඇත්තේ.
මීට අමතරව රුධිර ග්ලුකෝස් මාපක, ඒ සඳහා භාවිත කරන තීරු සහ පල්ස් ඔක්සි මීටර් හෙවත් රුධිර පීඩනය මනින උපකරණ සඳහා ද එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
එම උපරිම මිල ගණන් සංශෝධනය කර ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම සැළකිල්ලට ගනිමින්. විනිමය අනුපාතවල වෙනස්කම් සැළකිල්ලට ගනිමින් මීට පෙර ඖෂධ වර්ග 60ක මිල ගණන් සියයට 29කින් ඉහළ දැමුණා.
http://documents.gov.lk/files/egz/2022/3/2273-04_S.pdf
(Neth)