Friday, February 13, 2026
Follow Us
පාසල් අද ආරම්භ වෙයි

පාසල් වෑන් රථ ගාස්තු 40%කින් ඉහළට


මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (06) ආරම්භ විය.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙලෙස අද දිනයේ ආරම්භ කළ බවයි.

පළමු පාසල් වාරයේ පළමු අදියර මැයි 19 වැනිදා අවසන් කෙරුණේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහාය.

කෙසේ වෙතත් අද දිනයේ පාසල් වාරය ආරම්භ වුවද පවතින ආර්ථික සහ සමාජයීය ගැටළුකාරී තත්ත්වය හමුවේ පාසල් සිසුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය ද දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ගුරු සංගම් පෙන්වා දී ඇත.

ඔවුන් සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ බස් ධාවනය නොකිරීමට පෞද්ගලික බස් ගෙන ඇති තීරණය හේතුවෙන් ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද දිනයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු 40%කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් සඳහන් කර ඇත.

පවතින තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට නම් රජය ඉන්ධන ලබාගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර දිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Aruna