Friday, February 13, 2026
Follow Us
රජයේ සේවකයින් නිවසේ සිට වැඩ කිරීම යළිත්

අද හෙටම ක්‍රියාත්මක කරන්න යන අලුත් වැඩක් ගැන ඇමැති කියයි


රැකියා ස්ථාන වෙත පැමිණීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය අවම කිරීමේ අරමුණින් රාජ්‍ය සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මෙම වැඩපිළිවෙළ පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් ඇති අතර කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා එම වැඩපිළිවෙළ අදාළ නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Aruna