ජනාධිපති ප්‍රධාන උපදේශක තාමත් වැඩ
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඉල්ලා අස් වූ බවට පැතිර යන වාර්තා අසත්‍ය බව තහවුරු වී ඇත.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ මෙම පුවත පැතිර යන අතර මේ සම්බන්ධයෙන් අප ලලිත් වීරතුංග මහතාගෙන් කළ විමසීමේදී මෙම පුවත පදනම් විරහිත අසත්‍ය පුවතක් බව හෙතෙම තහවුරු කළේය.
කිසියම් මගහැරිය නොහැකි කටයුත්තක් නිසා සති දෙකක කාලයක් වීරතුංග මහතාට කාර්යාලයට යෑමට නොහැකි වු බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චිගෙන් කළ විමසීමකදී ඔහු සදහාන් කළේ ඔහු දන්නා තරමින් ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලා අස්වීමක් ජනාධිපති කාර්යාලයට ලැබී නැති බවයි.
Aruna