Friday, February 13, 2026
Follow Us
තමන්ට ඕනෑ ආයතන ප්‍රධානීන් පත්කිරීමට ඇමතිවරුන්ට බැරිවෙයි – ජනපතිගෙන් චක්‍රලේඛයක්

යම් අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

මීට අමතරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් 2020 වසරේදී නිකුත් කළ චක්‍රලේඛයක් ද තවමත් අවලංගු කර නොමැති නිසා නව ආයතන ප්‍රධානීන් පත්කිරීමේ බලයත් ඇමතිවරුන්ට අහිමිව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

LNW