Friday, February 13, 2026
Follow Us
අර්බුද විසඳීමට ඇති එකම මාර්ගය කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි

පවතින අර්බුදය විසඳා ගැනීමට නම් ශ්‍රී ලංකාවට ඇති එකම විසඳුම කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය ඉහළ නැංවීම බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ “රට දිනවමු” තේමාව යටතේ විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සංවිධාන කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය සේවයේ හුවමාරු වන ලිපි, එක්ලක්ෂ 60,000 ක් ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සඳහන් කළා.

මෙරට රැස්කර තබා ඇති ඇතැම් අරමුදල් ගොවිතැන් කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මෙහිදී සඳහන් කළේ.

Neth