Friday, February 13, 2026
Follow Us
වතුර බිල ගැන පණිවුඩයක්

ජල පාරිභෝගිකයින්ට ජල මණ්ඩලයෙන් දැනුම්දීමක්


ජල පාරිභෝගිකයින්ට සිය බිල්පත ඊමේල් මගින් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ සඳහා 07193 99999 අංකයට ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය යොමුකළ යුතු වේ.

කෙසේනමුත් ඉදිරි මාස 03 ක කාලය සඳහා ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය වාණිජ සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසීය.

Aruna