ඉදිරියේදී ඇතිවෙතැයි අපේක්ෂිත ආහාර අර්බුදයේ බලපෑම දරුණු මට්ටමට පත් නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු කියා සිටියේ යල කන්නයේ කුඹුරු අස්වැද්දීම මේවනවිට අපේක්ෂා කළ මට්ටම පවා ඉක්මවා යමින් ඇති බවයි.
පවතින දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සහල් හෝ වී හිඟයක් පැවතිය නොහැකි අතර පරිභෝජනයට අවශ්‍ය සහල් හා වී මෙරට තුළ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට මේ වනවිට කිසිදු පාර්ශ්වයකින් ණයට ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
දේශපාලන නායකත්වය යනු විශේෂඥයින් නොවන බැවින් ඔවුන් ගන්නා වැරදි තීන්දු වෙනස් කිරීම නිලධාරීන්ගේ වගකීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඉදිරියේදී ඇතිවන බව කියන ආහාර අර්බුදයත් සමඟ බොහෝ දෙනෙකු මේ වන විට වගා කටයුතුවලට පෙළඹී සිටිනවා. තවත් පාර්ශවයකට දැන් ප්‍රශ්ණයක් වී ඇත්තේ වගා කිරීමට කැමැත්තක් ඇතත් ඊට ඉඩම් නොමැති වීමයි. ඊට විසදුමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.
නොමිලේ ලබාදෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සඳහා කිසිදු තැරැව්කරුවකුට මුදල් නොගෙවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Page 181 of 647