සුපිරි වෙළදසැල් සදහා මත්පැන් අලෙවි බලපත්‍ර ලබාදීම හේතුවෙන් තම ඒකාධිකාරය අහිමි වීමට බියෙන් ඇතැම් සුරාසැල් බලපත්‍ර හිමියන් සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා නගමින් සිටින බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි පවසනවා.
රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නමුත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බව කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉන්ධන ගැටලුවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලුවන රථ වාහන අවම කිරීමට වැඩ පිළිවෙලක් ලබන 15 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
පොදුජන කේන්ද්‍රිය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය, සහාය, බැදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. පොසොන් පුරපසලොස්වක පොහොය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීත හෙළයන් අභියෝග ජයගනු ලැබුවේ සාමුහික හා පොසු එකගතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවයි.
මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
රටේ ආර්ථික තත්ත්වය යහපත්වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඖෂධ ආනයනය කිරීමට පවතින ඩොලර් හිගය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය පරිත්‍යාග ලබාගැනීම සඳහා ඉකුත් දා විශේෂ ගිණුමක් විවෘත කළා.
එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මත්තල ගුවන් තොටුපළ පවත්වාගෙන යනු ලබන්නේ රුපියල් මිලියන 100ක මාසිකව සිදුවන පාඩුවක් මධ්‍යයේ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා. එම ගුවන් තොටුපල පරිශ්‍රයේ අද සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළා.
මහ බැංකු අධිපති ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
Page 180 of 647