හාල් මිල දී ගත හැකි ස්ථාන මෙන්න
වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000 සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු අද (12) සිට සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පවසයි.
ඒ අනුව සතොස, සමූපකාර සහ සුපිරි වෙළඳසැල් හරහා එම සහල් අලෙවි කිරීමටයි කටයුතු කරනු ලබයි.
රතු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 197 කටත්, නාඩු කිලෝවක් රුපියල් 199 කටත්, සම්බා කිලෝවක් රුපියල් 205 කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 215 කටත් මිලදී ගත හැකියි.
කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර, ඒ අනුව සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210කි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉකුත් මැයි මස දෙවනදා නිකුත් කල ගැසට් පත්‍රයට අනුව දේශිය නාඩු කිලෝවක මිල රුපියල් 220 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 230 සහ දේශිය කිරි සම්බා කිලෝවක මිල 260 වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි
Aruna