Friday, February 13, 2026
Follow Us
ගංජා වැවීම නීතිගත කරයි

නොමිලේ ගංජා බීජ මිලියනයක් බෙදා දීමට සැලසුම්


තායිලන්තයේ තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් මරිජුවානා (marijuana) ඉවත් කිරීමට එරට රජය පියවර ගැනීම හේතුවෙන් තායිලන්ත වැසියන්ට සිය ගෙවතුවල ගංජා වගා කර එහි අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව ලැබී ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වන රටක් බව සැලකෙන තායිලන්තය අග්නිදිග ආසියාවේ මෙවැනි පියවරක් ගත් පළමු රට ලෙස ඉතිහාසගත වනු ඇත.

කෙසේ නමුත් තායිලන්තයේ ගංජා යොදාගෙන වෙනත් දේ නිෂ්පාදනය කිරීම තවදුරටත් තහනම් වේ.

ගංජා නිෂ්පාදනය දියුණු කිරීමෙන් එරට කෘෂි කර්මාන්තය මෙන් ම සංචාරක කර්මාන්තය ද වර්ධනය වනු ඇති බව තායිලන්ත රජය විශ්වාස විශ්වාස කරන අතර තායිලන්ත වැසියන් ගංජා වගා කිරීමට යොමු කිරීම සඳහා නොමිලේ ගංජා බීජ මිලියනයක් බෙදා දීමට ද සැලසුම් කර තිබේ.

Aruna