පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් ගමන් අරඹයි
අනිද්දාට (14) යෙදෙන පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය අද සිට ආරම්භ වේ.
ඒ යටතේ වන පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් 12.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
දෙවන දුම්රිය රාත්‍රී 9.00 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.
හෙට (13) අලූයම 3.30 ට, පෙරවරු 8.50 ට හා පස්වරු 4.42 ට විශේෂ දුම්රිය ගමන්වාර අනුරාධපුරය දක්වා ක්‍රියාත්මකයි.
මෙම විශේෂ දුම්රිය ගමන්වාර වලට අමතරව කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කෙරෙන දෛනික දුම්රියද කාළසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ද අදාළ කාලය තුළ විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ වග සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් ලබන 15 වැනි දා සිට ධාවනයට එක් කෙරෙනු ඇත.
Aruna