Friday, February 13, 2026
Follow Us
 ධම්මිකට දෙන්න හැදුව අමාත්‍යංශය මෙන්න

ආරක්ෂක අමාත්‍යංශය සතුව තිබූ ආයතන රැසක් නව අමාත්‍යංශයට


නව අමාත්‍යාංශ දෙකක් සදහා බලතල සහ කාර්යයන් දක්වමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ එම අමාත්‍යංශ දෙකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසීමට සිටි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට මෙම තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පැවරීමට සූදානමින් සිටි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ ශ්‍රි ලංකාව මේ වන විට මූන පා ඇති උග්‍ර විදේශ විනිමය ගැටළුවට විසදුම් සෙවීමට විදේස් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමේ විභවයක් ධම්මික පෙරේරාට ඇතැයි යන විශ්වාසයෙනි.

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයට මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති බලතල හා කර්තව්‍යයන් කිහිපයක් ද එක් කර ඇත. ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදිය මින් මතු නව අමාත්‍යංශය විෂය පථයට අයත්ය.

කෙසේ වෙතත් ව්‍යාපාරික ධම්මික පෙරේරාට ලැදිකම් පිළිබඳ චෝදනා එල්ලවනු ඇතැයි යන සැකය මත මේ වන විට පාර්ලිමේන්තුවට පිවිසීමේ අදහස අතහැර ඇති බව වාර්තා වේ.

Aruna