Friday, February 13, 2026
Follow Us
ලබන සතියේ විදුලිය කැපෙන හැටි

පොසොන් පොහොය දා පැයක විදුලි කප්පාදුවක්


එළඹෙන පොසොන් පොහොය දිනයේ සහ 19 වන ඉරිදා දිනයේ විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ අදාළ දින දෙකේ පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවය.

එළඹෙන 13 වනදා සිට 19 වනදා දක්වා විදුලි කප්පාදුව සිදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසම මෙම අවසරය ලබාදී තිබේ.

ඒ අනුව 13 සහ 15 දිනවලත්, 16 වනදා සිට 18 වනදා දක්වාත් පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

 

https://www.aruna.lk/%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1-%e0%b7%83%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%99%e0%b6%b1-%e0%b7%84/

Aruna