Friday, February 13, 2026
Follow Us
සහල්වලට උපරිම සිල්ලර මිලක්

ඊයේ රාත්‍රියේ සිට සහල් මිල වෙනස් වෙයි


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210කි.

මෙම නියමය කඩ කර කටයුතු කරන පාර්ශව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Aruna