Thursday, February 12, 2026
Follow Us
රාජ්‍ය සේවකයන්ට වසර 5ක් වැටුප් රහිත නිවාඩු

රාජ්‍ය සේවකයන් ගැන යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට


රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු මත වසර පහක උපරිම කාලයක් රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබාදීමේ යෝජනාවක් අද (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වී ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ විදේශ රැකියා සඳහා යන අයගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට ඔවුන්ගේ විදෙස්ගතවීම බලපෑමක් ඇති නොකරයි.

නව ප්‍රතිපත්තිය ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දැනටමත් වැටුප් ඇතිව හෝ නොමැතිව විදේශගතව සිටින සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු අපේක්ෂා කරන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට නැවත මෙරටට නොපැමිණ ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය ලබා ගැනීමට ද මෙම යෝජනාවෙන් ඉඩ සැලසෙන අතර නිවාඩු ලබාදීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට නියමිත බවට වාර්තා වී තිබේ.

Aruna