Thursday, February 12, 2026
Follow Us
පුරන් කුඹුරු වසර 05 කට රජයට පවරා ගැනීමේ සැලසුමක්

මෙතෙක් වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් එවැනි ඉඩම් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වගා කිරීම සඳහා පවරා දෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. එහිදී වගා කිරීමට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටයාර ලක්ෂයකට වඩා පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Neth