Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය සේවකයින්ට ලබන සතියේ සිට සිකුරාදා නිවාඩු

රජයේ සේවකයින්ට සහනයක්


රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් එම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

“මෙය එන සතියේ සිට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට රාජ්‍ය සේවකයින්ට විශාල අතිරේක වියදමක් දන්න වෙනවා ඈත වැඩට පැමිණීමට හා ආපසු යෑමට ඉන්ධන මිල වැඩිවීම නිසා. ඒ වගේම ඔවුන් පසුගිය කොවිඩ් කාලයේ දී පුහුණුව ලැබුවා ගෙදර සිට වැඩ කළ හැකි වැඩපිළිවෙලක් ගැන. රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට ලබාදෙන සහනය උපයෝගී කරගනිමින් තමන් වාසය කරන ප්‍රදේශයේ කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය නම් එයට කෙළින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය හා විවිධ සහන ලබාදෙනවා.”

Aruna