Friday, February 13, 2026
Follow Us
ඉන්ධන සඳහා ලියාපදිංචි වෙන්න : වාහන සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක් - බලශක්ති ඇමති

රටේ ආර්ථික තත්ත්වය යහපත්වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ සඳහා වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල් වල ලියාපදිංචි කොට ඔවුන්ට සතිපතා අවශ්‍ය ඉන්ධන සැපයීම මෙමගින් සිදුකිරීම බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

පැය 24 පුරාවට අඛණ්ඩ විදුලි සැපයුම සහ ඉන්ධන සැපයීමක් ඇති කරවන තුරු ඉන්ධන සැපයීම කළමනාකරණය කළ යුතුව ඇති බවයි අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටින්නේ.

ඛනිජ තෙල් සංස්ථාව විසින් සතියකට අවශ්‍ය වන ඉන්ධන ආනයන කරන නමුත් ඇතැම් පාරිභෝගිකයින් විසින් තම යන්ත්‍ර සුත්‍ර සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා මසකට හෝ ඊට වැඩි කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තොග රැස්කිරීම සිදුකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පැය 24 පුරාවට අඛණ්ඩ විදුලිබල සැපයුම සඳහා ඩීසල්, ෆර්නස් ඔයිල් සහ නැප්තා සඳහා අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මාසිකව වැය කිරීමට සිදුව ඇත. ගෑස් සැපයුමේ හිඟය හේතුවෙන් විදුලිය හා භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වී ඇති බවත්, මාස 4කට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වූ මාසික ඉන්ධන ආනයන වියදම මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Neth