Thursday, February 12, 2026
Follow Us
ඖෂධ ගන්න විවෘත කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ගිණුමට ඩොලර් මිලියන එකහමාරක ආධාර

ඖෂධ ආනයනය කිරීමට පවතින ඩොලර් හිගය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය පරිත්‍යාග ලබාගැනීම සඳහා ඉකුත් දා විශේෂ ගිණුමක් විවෘත කළා.

මේවනවිට එම ගිණුමට ඩොලර් මිලියන 1.5 ක මූල්‍ය පරිත්‍යාගයක් මේවනවිට බැර වී තිබෙනවා. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලයෙන්. ඊට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ද ඊට අමෙරිකානු ඩොලර් 10,000 ක මුදලක් ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ගිණුමට බැරවන මුදල් සහ ඒවා වියදම් කිරීම පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ. ඒ අනුව මේවනවිට රටවල් කිහිපයකින්ම මෙම ගිණුමට මූල්‍ය පරිත්‍යාග ලබාදීම සඳහා සාකච්ඡා සිදුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Neth