Friday, February 13, 2026
Follow Us
පාසල් නිවාඩුව සීමා කිරීමේ තීරණයක්

අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන්නැයි උපදෙස්


වාර්ෂික පාසල් කාලසටහන් අනුව ලබාදෙන පාසල් නිවාඩු දින ගණන යම් තරමකට සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහ වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකදී ය.

වාර්ෂිකව ආවරණය කළ යුතු කාලච්ඡේදවලට බාධාවක් නොවන ලෙස පාසල් පැවැත්වීමට ද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් පැවැත්වීමට කටයුතු කරන්නැයි, අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

මේ අතර, ඉන්ධන අර්බුදය හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟ වී ඇතැයි, අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, හඳුනා ගත් මාර්ගවලට දුම්රිය කිහිපයක් එක් කිරීමට ද අවධානය යොමු ව ඇති බවයි.

Aruna