සුපිරි වෙළදසැල් සදහා මත්පැන් අලෙවි බලපත්‍ර ලබාදීම හේතුවෙන් තම ඒකාධිකාරය අහිමි වීමට බියෙන් ඇතැම් සුරාසැල් බලපත්‍ර හිමියන් සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා නගමින් සිටින බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි පවසනවා.
13 පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සදහන් කළේ ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙලදපලෙන් ඉවත් කිරීමට සිය දෙපාර්තමේන්තුව ගත් තීරණයට එරෙහිව සුරාසැල් බලපත්‍ර හිමියන් මෙලෙස චෝදනා එල්ල කරන බවයි.
ඇතැම් සුරා සැල් හිමියන් නීත්‍යානුකූල මත්පැන් බෝතල් වලට නීති විරෝධී මත්පැන් පිරවීම,මත්පැන් කලවම් කිරීම වැනි කූට ව්‍යාපාර ද සිදු කර ගෙන යන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව සුපිරි වෙළෙඳ සැල් වලට නිකුත් කරන මත් පැන් බලපත්‍ර හරහා ඒවා මඟින් මඟින් ප්‍රමිතියෙන් යුත් මත්පැන් ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතින බැවින් ජනතාව ඒවා වෙත යොමු වීම වැළැක්වීමෙන් අරමුණින් සුරාබදු බලපත්‍රලාභීන් මෙලෙස චෝදනා සිදුකරන බවයි සුරබදුදකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.
Neth