A total of 12 staff members of Parliament tested positive to Covid-19 following Rapid Antigen Tests (RAT) carried out today, Sergeant-at-Arms Narendra Fernando said.
ගතවූ දින 05ක කාලය තුලදී වාර්තා වූ තවත් කොවිඩ් ආසාදිතයින් 3,640 දෙනෙකු අද දිනයේදී සමස්ත ආසාදිතයින්ගේ ලැයිස්තුවට එක් කළ බව වසංගත රෝග විද්යා ඒකකය සඳහන් කර තිබෙනවා.
දකුණු පළාත තුල ඉකුත් පැය 24 තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 1,457 දෙනෙකු වාර්තා වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂක කාර්යාලය පවසයි.
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
Senior Superintendent of Police Nihal Thalduwa has been appointed as the new Police Media Spokesman with immediate effect.
වත්මන් කොරෝනා ව්යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිටත් ප්රමාද වී ඇති බව විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය පවසනවා. දැන් හෝ ඉතා දැඩි සංචරණ සීමා පනවා, ව්යාප්තිය පාලනය නොකළහොත් අවාසනාවන්ත තත්වයක් ඇතිවිය හැකි බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරසයේ විකෘති ප්රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
රට තුළ ව්යාප්ත වන කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් කොළඹින් පිට බොහෝ නගරවල ජනතාව වෙනදා මෙන් අද දිනයේ දක්නට නොලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. ජනතාව නගරයට පැමිණීම වැළැක්වීම සදහා ගම්පහ නගරයේ සියළු වෙළදසැල් සහ ව්යාපාරික ස්ථානද අද සිට වසා දමා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටෝනි කරුණානායක පැවසුවේ.
ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 3435ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 3466ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා. අදාල සාකච්ඡාව ලබන අගහරුවාදා පස්වරුවේ විමල් වීරවංශ අමාත්යවරයාගේ නිවසේදී පැවැත් වීමට නියමිතයි.
මෙරට ජනතාව පෞද්ගලික රසායනාගාරවලින් ලබාගන්නා පී සී ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා වන ගාස්තුවෙන් සියයට 50 හෝ රජය දැරිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්යාපාරය පවසනවා. එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මුහුණු ආවරණ, විෂ බීජ නාශක දියර සහ නිරෝධායනය ඇදුම් කට්ටල මිලදී ගත නොහැකි ජනතාව සදහා රජය විසින් ඒවා ලබාදිය යුතු බවයි.
ඩෙල්ටා කොරෝනා වෛරස් ප්රභේදයේ සීඝ්ර ව්යාප්තිය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්යස්ථානයේ සහ එහි සෙසු මධ්යස්ථානවලට ලැබෙන දෛනික රුධිර ඒකක ප්රමාණයද අඩු වෙමින් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.
Page 401 of 769