Saturday, February 28, 2026
Follow Us
ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 198න් 154 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්

මෙතෙක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එහිදී ඔවුන්ට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දෙන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ 7,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඉකුත් 20වනදා සිදු වූ කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කිරීමත් සමගයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 7,183ක්.

ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 198න් 154 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 3,884 දෙනෙකුද හදුනාගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

(Neth)