Thursday, August 21, 2025
Follow Us
අද පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා මෙරට ජනතාවට විශේෂ වැඩසටහනක්

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් අද පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා සියලු විද්‍යුත් නාලිකා හරහා සජීවීව විකාශය කෙරෙනවා.

“ හුස්ම ” ලෙස නම් කර ඇති එම වැඩසටහන සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයයි. ප්‍රජාවක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙවැනි අවස්ථාවක තනි තනිව දායකත්වය ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කෙරෙන බවයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයයේ කැඳවුම්කරු, නෙත් එෆ් එම් රේඩියෝවේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නුවන් ලියනගේ සඳහන් කළේ.

එම වැඩසටහන සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

අධ්‍යාපන කටයුතු අඩාල වූ දැයේ දූ දරුවන් වෙනුවෙන් තවත් සමාජ මෙහෙවරක් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ආරම්භ කළ බවයි එම සංසදයයේ කැඳවුම්කරු, නෙත් එෆ් එම් රේඩියෝවේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නුවන් ලියනගේ පැවසුවේ.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ මෙහෙය වීමෙන් පැවැත්වෙන හුස්ම වැඩසටහන පෙරවරු 10 සිට එම වැඩසටහන නෙත් එෆ් එම් රේඩියෝව හරහාද ප්‍රචාරය කෙරෙනවා

(Neth)