Saturday, February 28, 2026
Follow Us
දුම් බිව්වත් කොවිඩ් වැළදීම 14 ගුණයකින් වැඩියි

දුම් පානය කරන පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළදීමේ සම්භාවිතාවය 14 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.

පුද්ගලයෙක් දුම්පානය කරන ස්ථානයක සිටිනවා නම් කොවිඩ් වෛරසය වැළඳීමට තිබෙන අවස්ථාව වැඩි අතර කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධී රාජපක්ෂ මහතා පවසයි.

දුම්පානය කරන පුද්ගලයෙකු එන්නත ලබා ගත්තත් ඔවුන්ගේ ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තීකරණය එම නිසා අඩපණ කරන බව වෛද්‍ය සමාධී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.

(Aruna)