Thursday, August 21, 2025
Follow Us
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එම ධූරයෙන් ඉවත් කරයිද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරයෙන් ඉවත් කරනු ඇති බවට විවිධ වාර්තා පළ වුණා.

ඔහුට අමාත්‍යංශ ලේකම් ධූරයක් ලබාදෙන බවටයි වාර්තා පළ වුණේ.

එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වෙනසක් මේ මොහොතේ සිදු නොකිරීමට තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරයේ සාර්ථකව කටයුතු කළද එම කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ලබාගන්නා ප්‍රචාරයන් ප්‍රමාණවත් නොවන බවට ඇතැම් අමාත්‍යවරුන් පවා කැබිනට් මණ්ඩලයේදී ද අදහස් පළ කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

(Neth)