Saturday, February 28, 2026
Follow Us
කොරෝනා ආසාදිතයින්ගෙන් ඉල්ලීමක් කරයි

හදුන්වා දී ඇති ක්‍රමවේදයෙන් බැහැරව නිවෙස් තුළ රැදී නොසිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කොරෝනා ආසාදිතයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

සිය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුව වෛද්‍ය අධීක්ෂණයකින් තොරව එවැනි පිරිස් කටයුතු කළහොත් ජීවිත අවධානමට පවා ලක් විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසුවේ.

නිවෙස් තුළ සිටින කොරෝනා ආසාදිතයින්ට 19යි 99 හා 247 යන කෙටි දුරකථන අංක හරහා වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

මෙම සේවාව ලබා ගැනීමට පෙර නිවෙස් තුළ සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා පළමුව ලියාපදිංචි විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසුවේ.

(Neth)