Thursday, August 21, 2025
Follow Us
මහේලගෙන් තවත් වික්‍රමයක්

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම අද අලුයම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්. ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සදර්න් බ්‍රේව් කණ්ඩායම නියමිත පන්දුවාර සියයේදී කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත්වුණා.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 36 කදී ලකුණු 61 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 දී රැස් කර ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් පමණයි.

නායක මොයීන් අලී ලකුණු 36කට දැවී ගියා. “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත්තේ අවසන් තරගයේ දී සදර්න් බ්‍රේව් කාන්තා කණ්ඩායම ලකුණු 48කින් පරාජයට පත් කළ ඕවල් ඉන්වින්සිබල්ස් කාන්තා කණ්ඩායමයි.

(Neth)