පාස්කු ප්‍රහාරය සිදුවී මාස 28ක් ගතවන අද දිනයේ රාත්‍රී 07 සිට 08 දක්වා නිවෙස් තුළ සිට ජප මාලය උච්චාරණය කර යාඤා කරන ලෙස කතෝලික සභාව බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පාස්කු ප්‍රහාරයට ලක් වූ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස බල කරමින් සෑම නිවසකම කලු කොඩියක් ඔසවා නිහඩ විරෝධතාවක නිරත වන ලෙසට කතෝලික සභාව මීට පෙර ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.
ඒ අනුව අද දිනයේ බොහෝ නිවෙස්වල සහ මාර්ගවලද කලු කොඩි ඔසවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම අද පෙරවරු කතෝලික දේවස්ථානවලද ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා.
(Neth)