Thursday, August 21, 2025
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල වෛද්‍යවරුන් 210ක්

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ රාජකාරි කටයුතු සඳහා අනියුක්තව සිටින අතිරේක වෛද්‍යවරුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ප්‍රමාණය ඉක්මවා වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිධ සේවාවාන්ට අනියුක්තව කටයුතු කිරීම හේතුවෙන්.

මේ වන විට වෛද්‍යවරුන් 210 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිධ තනුරුවල සිටින බවයි වාර්තා වන්නේ.

අමාත්‍යංශයේ ගබඩාව භාරව කටයුතු කරන්නේද වෛද්‍යවරයෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙලෙස අතිරේකව සිටින වෛද්‍යවරුන් රෝහල් වෙත යොමු කිරීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)