පාලක පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වෙමින් විපක්ෂයට එක් වූ ඩලස් අලහප්පරෙුම මහතා ඇතුළු කණ්ඩායම සිය දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා අද නව කාර්යාලයක් ආරම්භ කළේය. නිදහස ජනතා සභාව නමින් ඔවුන් සිය නව දේශපාලන ගමන ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබා ගැනීම සහ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
ඊයේ (02) පැවති 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබිණි.
පක්ෂ සභාපතිවරයාට බලය වැඩිවන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගෙනවිත් තිබෙන සංශෝධනය හේතුවෙන් (01)පස්වරුවේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාව උණුසුම් වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයෙන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය සමග තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් තමන් අයවැයට විරුද්ධ නොවුණේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මුළු රටම ශෝකයෙන් හඬාවැටෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂය පමණක් සතුටින් ඉපිළ යමින් සිටින බවත් ඔවුන් ජලය රත්වන තුරු සැළියේ දිය කෙළින කකුළුවන් වැනි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Former President Gotabaya Rajapaksa will return back to the country on Saturday, a source close to him said.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට යාම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොමැති නමුත් රටේ ප්‍රශ්නයට එය ඇත්ත විසඳුමක් නොවන බව පක්ෂ 10 ස්වාධීන කණ්ඩායමේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අද ඉවත් වුණා. ඒ, එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හරිමින් බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.
ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම වශයෙන් රුපියල් බිලියන 1800ක් ලබාගෙන එයින් රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වශයෙන් බිලියන 1300ක් ගෙවමින් තවදුරටත් රටක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී (02) පැවැත්වුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
Says suspension of imports under 305 HS codes is indiscriminate
Warns ban on items necessary for production would lead to shrinking of exports
Says it could also lead to significant job losses
Sri Lankan Podujana Peramuna (SLPP) Chairman Prof. G.L. Peiris has called on the Government to urgently revise the HS classification codes to allow for the importation of items necessary for industrial production.
Page 123 of 556