Sunday, February 01, 2026
Follow Us
අද කපුටා තමයි ඇමති ලැයිස්තුව එවන්නේ -සජිත්

රාජපක්ෂවරුන් දේශපාලනයට යළි ගෙන එයි ?


වර්තමාන ආණ්ඩුව රාජපක්ෂවරුන් දේශපාලනයට යළි ගෙන ඒම සඳහා උත්සහ දරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂනායකවරයා පෙන්වාදෙන්නේ, රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගෙන ඇති බවය.

සමගි ජනබලවේගයේ කටාන ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේය.

“ඉදිරියේ දී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. අනාගතයේ දී නොමඟ ගිය සමහර යූඑන්පී මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ගන්න වෙන්නේ ජනාධිපතිතුමා ළඟට ගිහින් පොහොට්ටුවේ කපුටා ළඟට ගිහින්. අද කපුටා තමයි ඇමති ලැයිස්තු එවන්නේ ජනාධිපතිට පත්කරන්න කියලා. රාජ්‍ය ඇමති ලැයිස්තුව එවන්නේ ජනාධිපතිට පත්කරන්න කියලා. අද කපුටා තමයි නියෝජ්‍ය අමාත්‍යධුරවලට ලැයිස්තුව එවන්නේ. ඉතින් ජනාධිපතිවරයාටත් සිදුවෙලා තියෙනවා අංග සම්පුර්ණ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්වෙන්න. පොහොට්ටුවේ 134 දෙනෙකුගෙන් ජනාධිපති වුණාම පොහොට්ටුවේ පදයට නටන්න වෙනවා. ඒ නිසා තමයි අගමැති කැරට් අලය දික්කරන කොට, අපි කිව්වේ ඕන දෙයක් භාරගන්න ඉස්සෙල්ලා ඔබතුමා යන්න කියලා. දැන් මේ සිද්ධවෙන්නේ රජමැඳුරුවල සිදුවන කුමන්ත්‍රණ. මේවට එක එක අතකොළු සම්බන්ධ කරගන්නවා. පිටරට අතකොළුත් ඉන්නවා. ලොකුවට මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා. සමගි ජන බලවේගයේ කවුරුත් මුදලට වරප්‍රසාදවලට තමන්ගේ ආත්මය විකුණන්නේ නෑ.”

Aruna