Sunday, February 01, 2026
Follow Us
පාන් මිල වැඩි කරනවාද? නැද්ද? තීරණය හෙටට කල් යයි

පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා වැඩි කරනවාද නැද්ද යන්න හෙට දිනයේදී තීරණය කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ වෙළඳ අමාත්‍යවරයා සමග හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එහිදී තිරිගු පිටි හිගය සහ ඒ ඔස්සේ බේකරි හිමියන්ට මුහුණ පෑමට සිදුව ඇති අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අවස්ථා කිහිපයකදී ඉහළ යාම හේතුවෙන් මේවනවිටත් සිය නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම සියයට 50 කින් පමණ අඩුවී ඇති බව ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළා. ඒ අනුව තවදුරටත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමුවහොත් එම කර්මාන්තය කඩා වැටීමට ලක්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

වෙළඳපලේ පවතින තිරිගු පිටි හිගය සහ තිරිගු පිටි මිල ඉහළයාම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා.

 

Neth