Sunday, February 01, 2026
Follow Us
විපක්ෂයට ඇමති මහින්ද අමරවීර ගෙන් චෝදනාවක්

විපක්ෂය කටයුතු කරන්නේ බලය ලබාගැනීම පමණක් අරමුණු කර ගනිමින් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඇඹිලිපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තනතුරු ලබා නොගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය ලබාදෙන බව විපක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළද එය අසත්‍යයක් බවට සංශෝධිත අයවැය විවාදයේ ඡන්ද විමසීමේදී පෙන්නුම් කෙරුණූ බවයි.

 

Neth