Sunday, February 01, 2026
Follow Us
මිල සූත්‍ර බොරුවක් - පෙට්‍රල්, ඩීසල් රුපියල් 50 කින් අඩුකළ හැකි බවට හර්ෂගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව පැහැදිලි ලෙස මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩුකළ හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50 ක පමණ ලාභයක් මේ වන විට ආණ්ඩුවට හිමිවන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල සංශෝධනය කර ඇත්තේ අධිකරණය මඟින් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩුකෙරුණේ රුපියල් 113 කින්. ඒ අනුව රුපියල් 4,664ක් ලෙස පැවති එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,551 ක් දක්වා අඩුවී ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ.

කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් අඩු කර ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,827 ක් වනවා.

කිලෝග්‍රෑම් 2 යි දශම 3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21 කින් අඩු කර ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 848 ක්.

Neth