ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නව සන්ධානය එළි දැක්වීම අද සිදුවනවා. එම සන්ධානයේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේවෙතත් නව සන්ධානයේ නම හා එහි නායකයා කවුද යන්න අද ප්‍රකාශයට පත් කරන බවයි ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
Claiming that the state institutions are running at huge loss due to decisions taken by politicians, National People's Power (NPP) MP Anura Kumara Dissanayake said today that those who were responsible for plunging the state institutions into loss making entities, should be dealt with before privatising them.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී (02) පැවැත්වුණි.
පාලක පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වෙමින් විපක්ෂයට එක් වූ ඩලස් අලහප්පරෙුම මහතා ඇතුළු කණ්ඩායම සිය දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා අද නව කාර්යාලයක් ආරම්භ කළේය. නිදහස ජනතා සභාව නමින් ඔවුන් සිය නව දේශපාලන ගමන ආරම්භ කර තිබෙනවා.
ඊයේ (02) පැවති 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබිණි.
පක්ෂ සභාපතිවරයාට බලය වැඩිවන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගෙනවිත් තිබෙන සංශෝධනය හේතුවෙන් (01)පස්වරුවේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාව උණුසුම් වී තිබේ.
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැයෙන් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය සමග තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් තමන් අයවැයට විරුද්ධ නොවුණේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ මුළු රටම ශෝකයෙන් හඬාවැටෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂය පමණක් සතුටින් ඉපිළ යමින් සිටින බවත් ඔවුන් ජලය රත්වන තුරු සැළියේ දිය කෙළින කකුළුවන් වැනි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
යළි ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන්නේද යන්න පිළිබඳව මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධුරයට පත් වන්නේ නම් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට යාම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොමැති නමුත් රටේ ප්‍රශ්නයට එය ඇත්ත විසඳුමක් නොවන බව පක්ෂ 10 ස්වාධීන කණ්ඩායමේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රටේ ආර්ථික ප්‍රශ්ණ විසදීමට වගකිව යුතු පාර්ශව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හරිමින් බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.
ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම වශයෙන් රුපියල් බිලියන 1800ක් ලබාගෙන එයින් රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වශයෙන් බිලියන 1300ක් ගෙවමින් තවදුරටත් රටක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Page 121 of 554