Sunday, February 01, 2026
Follow Us
IMF යෝජනාවේ කලින් ප්‍රකාශ කළ නොහැකි සංවේදී බදු ඇතුලත් - මහ බැංකු අධිපති කතානායකට කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇතිවූ ගිවිසුම ඉදිරිපත් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා තමන්ට දැනුම්දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හා සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අතර ද සංවාදයක් ඇති වුණා.

පාර්ලිමේන්තුව ලබන 20 වනදා තෙක් කල් තැබුණා.

Neth